පොසොන් සමයේ මගී ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක්

May 28, 2023

පොසොන් උත්සව සමයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

පොසොන් සතිය ඇරඹෙන්නේ ලබන 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වායි.

මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කරයි.

පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකයි.

t

o

p