ගුජරාට් ටයිටන්ස් IPL තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

May 27, 2023

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 171ක් පමණි.

ඒ අනුව ගුජරාට් කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබා තිබේ.

t

o

p