Special News

ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6 ක් සළකාබලා අනුමැතිය ලබා දෙනලදි. 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2329/19 සහ 2342/24 දරන ගැසට් පත්‍ර පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මෙම ගැසට් පත්‍ර අනුව රත්මලාන සහ යාපනය ගුවන්තොටුපළ සිට අපගමන බදු ප්‍රමාණය (Embarkation Read More

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය. ඔහු නික්ම ගියේ ජැක්සන් ඇන්තනී නම් මහ ගස යට වැඩුණු පැළ ගස්, ජනමාධ්‍ය කේෂත්‍රයේ මෙන්ම කලා කේෂත්‍රයේ ද දලුලමින් පවතින යුගයකයි. රංගන ශිල්පිනියක Read More

කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා කියාසිටියි. කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව ජනාධිපති රනිල් Read More

අවාරයේ ශ්‍රි පාද සංචාරය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව (08) දින නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් Read More

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයේ මරණ ගණන ඉහළට

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කරයි. බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි. ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ. සුන්බුන් අතර විශාල පිරිසක් Read More

ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් වැසේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සඳුදා(09) සහ අඟහරුවාදා(10) වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි. අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයට කෝප් කමිටුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබිණි. මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහාවන විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතව තිබූණි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023.08.18 දින ගත් තීරණයක් මත විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා Read More

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සඳහා අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 දක්වා වලංගු වෙයි. එහි දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි. Read More

ඊශ්‍රායලය යුධ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි. ගාසා තීරයේ සිට රොකට් 5000කට අධික ප්‍රමාණයක් මෙලෙස ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඊශ්‍රායලය ‘යුධ තත්වයක්’ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් Read More

ශ්‍රී ලංකාව අද 2023 ‍ලෝක කුසලානයේ තරඟ බිමට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පස්වරු 2ට ආරම්භ වේ. කණ්ඩායම් දෙකම පෙරහුරු තරගවල දී දැක්වූ දක්ෂතාවලට වඩා මේ ආරම්භක තරගයේදී පෙරට පැමිණීමට උත්සහ දරන බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග එක්දින තරග 80ක් Read More

t

o

p