අවාරයේ ශ්‍රි පාද සංචාරය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය

October 8, 2023

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝ රත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව (08) දින නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් 2022 වසරේ අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වය යටතේ නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය , ත්‍රිරෝද රථ සහ වෑන් රථ සංගමය , සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රි පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත හේවිසි වාදන මැද්දේ පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධය දක්වා එම කාර්යාලයේ සේවයේ යෙදි සිටින වනජිවි නිලධාරින් වෙත වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සදහා විරෝධය පාමින් සංදේශයක්ද භාරදෙනලදි.

නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථාන මාර්ගය වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් හරහා ස්ථාපනය කර තිබුණද එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ එම මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන් , සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මැදිහත් විමෙන් බවයි.

ඒ සදහා වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබානොදෙන බවද උන් වහන්ගේ පවසයි.

නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ශාන්ත කුමාර මහතා කියා සිටියේ අවාරයේදි ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා දෙස් විදෙස් සංචාරකයන් ඉතා සිමිත ප්‍රමාණයක් ඉර සේවය නැරඹිම සදහා පැමිණෙන බවත්, එම සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම තුලින් අවාරයේ එම පිරිස ශ්‍රි පාදස්ථානයේ සංචාරය කිරිමෙන් වැලකි සිටිමේ අවධානමක් පවතින බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටද නල්ලතන්නිය ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය දක්වන ලිපි යොමු කිරිමට පියවර ගෙන ඇති බව ද පවසයි.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය අනුව ශ්‍රි පාදස්ථානයට රක්ෂිතය හරහා පිවිසෙන සංවර්ධනය නොකළ මාර්ග වල පැමිණෙන සංචාරකයන්ගෙන් පමණක් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට ගැසට් පත්‍රයේ සදහන් කර තිබියදි නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන මාර්ගයේ සහ රත්නපුර ශ්‍රි පාදස්ථාන මාර්ගය ස්භාවික මාර්ග නොවන බවත්, එය ඉදිකල මාර්ගයක් නිසා එම මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

t

o

p