කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 8, 2023

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා කියාසිටියි.

කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

t

o

p