ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

October 9, 2023

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය.

ඔහු නික්ම ගියේ ජැක්සන් ඇන්තනී නම් මහ ගස යට වැඩුණු පැළ ගස්, ජනමාධ්‍ය කේෂත්‍රයේ මෙන්ම කලා කේෂත්‍රයේ ද දලුලමින් පවතින යුගයකයි.

රංගන ශිල්පිනියක සහ ගායන ශිල්පිනියක වන කුමාරි මුණසිංහ මහත්මිය සමග සරණේ බැඳුනු ඔහු සජිත අනුත්තර, අකිල ධනුද්ධර සහ මාධවී වත්සලාගේ ආදරණීය පියාණන් වේ.

කලාවේ සියලු අංශයන් සියුම්ව ස්පර්ශ කළ ජැක්සන් ඇන්තනී නම් ප්‍රතිභාන්විතයාගේ වියෝවෙන් ඉතිරී වූ හිඩැස පුරවන්නට සමතෙක්, මේ දෙරණතදී අපට යළි හමුනොවෙනු ඇති.

රිදී තිරයට ඉතිහාස කතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වෙමින් අබා සිනමා පටය හෙළ සිනමාවට දායාද කළ ඔහු, සමාජශෝධක භූමිකාව නිරූපණය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

ජුලියට්ගේ භූමිකාව, පරාදීසය, අබා, ඇඩ්‍රස් නෑ යන සිනමාපට ජැක්සන් ඇන්තනී නම් සිනමාකරුවා හෙළ සිනමාවට දායාද කළ වත්කම් වෙයි.

t

o

p