ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයේ මරණ ගණන ඉහළට

October 8, 2023

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කරයි.

බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ.

සුන්බුන් අතර විශාල පිරිසක් මේ වනවිටත් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

t

o

p