ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් වැසේ

October 8, 2023

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සඳුදා(09) සහ අඟහරුවාදා(10) වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

t

o

p