ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයට කෝප් කමිටුවේ විරෝධය

October 8, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහාවන විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතව තිබූණි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023.08.18 දින ගත් තීරණයක් මත විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ලිඛිත ඉල්ලීම් සිදු කළ යුතු බවට තීරණය කොට ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බවත් කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.

මේ නිසා මෙය පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බව කෝප් කමිටුවේ අදහස විය. එසේම මෙම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නොදැනුවත් බවද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන්ම මෙම තීරණය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට බලපෑමක් සිදු වන බවත් මෙම තත්ත්වය සිදු නොවිය යුත්තක් බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි. මේ අනුව කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ට දැඩි අවවාද ලබාදීම සිදු විය.

මෙහිදී කෝප් කමිටුව විසින් ප්‍රධාන තීන්දු තුනක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදෙන ලදි. එනම්

  1. විගණකාධිපතිවරයාගේ බලතලවලට අනුගත වී කටයුතු කරන ලෙස සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම
  2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය අත්හිටුවීම
  3. විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන දිනයක නැවත ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීම

එම තීරණයන් විය.

t

o

p