ශ්‍රී ලංකාව අද 2023 ‍ලෝක කුසලානයේ තරඟ බිමට

October 7, 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පස්වරු 2ට ආරම්භ වේ.

කණ්ඩායම් දෙකම පෙරහුරු තරගවල දී දැක්වූ දක්ෂතාවලට වඩා මේ ආරම්භක තරගයේදී පෙරට පැමිණීමට උත්සහ දරන බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග එක්දින තරග 80ක් පවත්වා ඇති අතර ඉන් තරග 45ක් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.

ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 33ක් පමණි.

එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

තවත් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට පැවති තරග 5න් 3ක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 2ක් ජයගෙන ඇත.

t

o

p