ඊශ්‍රායලය යුධ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

October 7, 2023

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.

ගාසා තීරයේ සිට රොකට් 5000කට අධික ප්‍රමාණයක් මෙලෙස ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඊශ්‍රායලය ‘යුධ තත්වයක්’ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි.

ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් ඇතුළත රැඳී සිටින ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇති අතර,දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ද ආරක්‍ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

t

o

p