Life Style

ත්‍රි/මලේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකු ඉකුත් මාර්තු 01 දා සමත් විය. එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් අඩුම කාලයක් වන Read More

පොළොන්නරුව ඇතුළු නගරයෙන් ඉපැරණි මානව ජනාවාසයක සාධක

පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි මානව ජනාවාසයක්ව පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ය. මෙය පොළොන්නරුව ඉතිහාසයේ ඉතා වැදගත් හෙළිදරව්වක් වනු ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. Read More

PET ප්ලාස්ටික් බෝතල් එකතු කර දෙන බාලදක්ෂයන්ට පදක්කමක්

පරිසර දූෂණයට බලපාන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර බාලදක්ෂයන්ගේ කර පලඳනාව සකස් කිරීමේ A step towards nature ව්‍යාපෘතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩකරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මේ ව්‍යාපෘතියට සහභාගි වී PET ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්‍රෑම් 5කට වඩා වැඩියෙන් එක්රැස් කර බාරදෙන බාලදක්ෂයන්ට “ACHIEVER” පදක්කම පිරිනමන අතර මේ අවස්ථාව සංකේතාත්මක කරමින් ඊට අදාළ පදක්කම ප්‍රධාන බාලදක්ෂ Read More

“X” වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත. ඉකුත් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම ලොව පුරා මාධ්‍යවලට මේ වන Read More

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇතිවූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. මේ අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් Read More

මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ද පුහුණු පාඨමාලා ඇතුළු අධ්‍යයන කටයුතු සිදුකිරීම ආරම්භ කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල ඉදිරි සැලසුම් ඉදිරිපත්කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වයි. මෙදින කාරක සභාව හමුවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල කාර්යභාරය හා ඒවායේ අනාගත සැලසුම් පිළිබඳව විදේශ Read More

මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු නීතිඥවරියන්ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විිය. ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බල නොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නා. මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් Read More

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුටම නිවේදනයක්

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි. ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පෙන්වා දුනි. Read More

වන අලි ගමට ගොවීන්ට කැලේට 

විල්පත්තුව ජාතික වනෝද්‍යානය, තබ්බෝව අභය භූමිය සහ වීරක්කොඩිචෝල රක්ෂිත වනාන්තරවල සැරිසරන වන අලි රංචු මේ දිනවල ගම්වැදීම හේතුවෙන් පොල් අක්කර 500ට ආසන්න ප්‍රමාණයක පොල්ගස් දහසක් පමණ මුළුමනින් ම විනාශයට ලක්කර ඇතැයි ගොවි ජනතාව මැසිවිලි නඟති. වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් එළුවන්කුලම, රාල්මඩුව, ගඟේවාඩිය, මොරපතාව, විජයපුර, කරඩිපුවල්, සමඟිපුර, මයිලන්කුලම, ප්‍රදීපාගම, තේවනුවර, පාවට්ටාමඩුව, තබ්බෝව, මහකෝන්වැව, Read More

හරිහරන්ගේ ප්‍රසංගයේ අධික තදබදයක්

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල ප්‍රේක්ෂකය සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබෙයි. පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වි තිබෙයි. මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර Read More

t

o

p