නවම් පුර පසළොස්වක පොහොය අදයි

February 23, 2024

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇතිවූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

මේ අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍ය අද සහ හෙට (24) වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

t

o

p