හරිහරන්ගේ ප්‍රසංගයේ අධික තදබදයක්

February 10, 2024

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල ප්‍රේක්ෂකය සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබෙයි.

පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වි තිබෙයි.

මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර ඇත.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.

t

o

p