රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200කට අධික සංඛ්‍යාවක් වටලයි

February 10, 2024

නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරි දින කීපයේදී නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාන්වල නියමිත බර ප්‍රමාණය නොමැති වීම මෙහිදී වැඩි බේකරි සහ වෙළෙඳසැල්වලට එල්ල වූ චෝදනාව බවත් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට චෝදනා දෙකම එල්ල වූ බවත් එම නිලධාරියා කීය.

පසුගිය 5 වැනිදා සිට 8 වැනිදා දක්වා දින හතරක් තුළ කළ වැටලීම්වලින් මෙම වෙළෙඳසැල් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවූ බවත් රටපුරා වැටලීම් තව දුරටත් ක්‍රියාත්මක බවත් එම නිලදාරියා කීය.

t

o

p