ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුටම නිවේදනයක්

February 13, 2024

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පෙන්වා දුනි.

ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව ඇය සඳහන් කළාය.

t

o

p