Life Style

ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවයි

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සමත්විය. සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි Read More

මිලියන සංඛ්‍යාත ජනතාවක් නැරබූ පූර්ණ සූර්යග්‍රහණය

මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයාගේ හිස් අහස දෙසට ඔසවමින් අන් කිසිවකට සමාන නොවන ලෙස චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයක දර්ශනයක් සමීප කරවන්නට විය. සම්පූර්ණ සූර්යග්‍රහණය සඳුදා දිනයේ මෙක්සිකෝව තුළින් ආරම්භ වී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයේදී මෙන්ම නයගරා දිය අල්ලේ ඉහළ අහස අඳුරු කරමින් විශ්මය Read More

සංස්කෘතියට පටහැනි අංග අවුරුදු උත්සවවලට ඇතුළත් කිරීමට අවසර නැහැ

එළඹෙන සිංහල හා දමිළ උත්සවයට සමගාමිව පැවැත්වෙන අවුරුදු උත්සව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් Read More

“දුන්හිඳ ඔඩිසි” නව සංචාරක දුම්රිය ගමන් අරඹයි

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) සිදු විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ Read More

රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය 14 දා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය ලබන 14 වැනි දින රාත්‍රී සුබ මොහොතින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. ලබන 13 වැනි දින දහවල් 10.30ට මහා පූජාවෙන් පසුව මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිරවීමේ චාරිත්‍රය ඉටු කර මහා දේවාලය වසා තැබීමෙන් පසුව නැවත දේවාලය Read More

ආසියාවේ වැඩිම කොටි ඝනත්වය විල්පත්තුවේ

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය බවට වසර 13ක පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට වැඩි පිරිසකගේ කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇත. එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.

පාස්කු ඉරිදා දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු ඉරිදා දිනය සමරනවා.පාස්කු ඉරිදා යනු ක්‍රිස්තියානි ධර්මය පුරා වඩාත්ම වැදගත් ශුද්ධ දිනයයි. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන අතර ලොව පුරා සිටින කිතුණුවන් සහ ඔවුන්ගේ ඇදහීමේ කේන්ද්‍රස්ථානය පිළිබඳ කේන්ද්‍රීය විශ්වාසයක්. පාස්කු උත්සවය යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන දිනය වන අතර වසන්තයේ පැමිණීම සමරන වසර 2,000 ට වඩා වැඩි Read More

අන්තර්ජාල ළමා හිංසන වැළැක්වීමට නව ක්‍රමවේදයක්

අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ආරම්භ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය කියා සිටියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් Internet Watch Foundation ආයතනයේ සහයෝගය සහ Save the Children & Child Fund හි අනුග්‍රහය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බවයි. අන්තර්ජාලයේ Read More

නැකත් ගැන අලුත්ම නිවේදනය මෙන්න

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක්කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතා සමත්ව තිබේ. දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය. 2013 වසරේදී ඔහු එම උපාධිය Read More

t

o

p