සංස්කෘතියට පටහැනි අංග අවුරුදු උත්සවවලට ඇතුළත් කිරීමට අවසර නැහැ

April 6, 2024

එළඹෙන සිංහල හා දමිළ උත්සවයට සමගාමිව පැවැත්වෙන අවුරුදු උත්සව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කරයි.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

ඒ අනුව අවුරුදු උත්සව පැවැත්වීමට අදාළ උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බව සඳහන්.

අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලීසියේ අනුමැතිය ලබාගත යුතු බවත් එම උපදේශන මාලාවේ සඳහන්ව තිබේ.

t

o

p