අන්තර්ජාල ළමා හිංසන වැළැක්වීමට නව ක්‍රමවේදයක්

March 29, 2024

අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ආරම්භ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්යාලය කියා සිටියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් Internet Watch Foundation ආයතනයේ සහයෝගය සහ Save the Children & Child Fund හි අනුග්‍රහය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බවයි.

අන්තර්ජාලයේ පවතින හානිකර අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

t

o

p