කොළඹ ජාතික රෝහලේ ජල ටැංකි වසර කිහිපයකින් පවිත්‍ර කර නැහැ

March 29, 2024

කොළඹ ජාතික රෝහලට ජලය සපයන ටැංකි වසර කිහිපයකින් පිරිසිදු කර නොමැති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් මෙම අපවිත්‍ර ජලය සනීපාරක්ෂාව සඳහා පමණක් නොව රෝහල්වල මුළුතැන්ගෙය, ආපනශාලා, දැඩි සත්කාර ඒකක, ඇතැම් පරීක්ෂණ සඳහා මෙන්ම රෝහල්වල රසායනාගාරවලට භාවිත බව සඳහන්.

මෙලෙස අපවිත්‍ර ජල ටැංකි 160ක් පමණ පවතින බවයි ජාතික පුවත්පතක් අනාවරණ කරයි.

කලක් සෞඛ්‍ය සහායකයන් රජයේ නිවාඩු දිනවලදී එම ටැංකිවලට බැස ඒවා අතුල්ලා පිරිසුදු කළද මේ වනවිට එයද නතර වී ඇති බව සඳහන්.

ජලය පරීක්ෂා කරනු ලබන්නේ ක්ෂුද්‍රජීවීන් ඇත්දැයි සොයාබැලීම සඳහා පමණයි.

මේ හේතුවෙන් ජලයේ විස ද්‍රව්‍ය සහ වෙනත් අපවිත්‍රවීමේ හැකියාවක් ඇති අතර එමඟින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකියි.

ජලය භාවිත කරන රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට මෙයින් ඉහළ අවදානමක් ඇති විය හැකි බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලයේ ඇති අහිතකර ද්‍රව්‍ය දිගු කාලීනව නිරාවරණය වීම වකුගඩු ආසාදන හා රෝග ඇති වීමට හේතුවක් විය හැකි බවට ද එම ආරංචි මාර්ග අනතුරු අඟවයි.

t

o

p