රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය 14 දා

April 4, 2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය ලබන 14 වැනි දින රාත්‍රී සුබ මොහොතින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. ලබන 13 වැනි දින දහවල් 10.30ට මහා පූජාවෙන් පසුව මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිරවීමේ චාරිත්‍රය ඉටු කර මහා දේවාලය වසා තැබීමෙන් පසුව නැවත දේවාලය 14 වැනි දින සවස නව වසරේ සුබ නැකැතින් විවෘත කෙරනු ඇත.

එදින රාත්‍රී දෙවියන් වැඩමවා අවුරුදු මංගල්‍යය පෙරහර වීථි සංචාරය කර නව වසරේ ප්‍රථම ගොවිතැනේ අලුත් සහල් උපයෝගි කරගෙන දේව දානය කැප කර නව වසරේ ප්‍රථම පූජාව සිදු කිරීමට නියමිතයි.

t

o

p