ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ 9ක්

April 4, 2024

මෙම වසරේ ගෙවුණු මාස තුනක කාලය තුළ ඩෙංගු ආසාදිතයන් 20,000 ඉක්මවා වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි. මේ දිනයන්හි උෂ්ණාධික කාලගුණයක් පවතින නිසා ඩෙංගු මදුරු කීටයන්ගේ බෝ වීම අඩු වී ඇති අතර රෝගීන්ගේ වාර්තා වීම ද සියයට 22.8කින් අවම වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කළේය. මෙම මාස තුන තුළ ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇති අතර ජනවාරි මාසයේදී ආසාදිතයන් 10,417ක් ද පෙබරවාරි මාසයේදී ආසාදිතයන් 6007ක් ද මාර්තු මාසයේදී ආසාදිතයන් 3615ක් ද වාර්තා වී තිබේ.

සමස්ත ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් (7211ක් ලෙස සියයට 35.7ක ප්‍රතිශතයක්) බස්නාහිර පළාතෙන් ද නැඟෙනහිර පළාතෙන් ආසාදිතයන් 4215ක් ලෙස සියයට 20.9ක් ද මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 1585ක් ලෙස සියයට 7.9ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත. කොළඹ නගර සභා ප්‍රදේශය, කැස්බෑව, කඩුවෙල, මහරගම, බියගම, ගම්පහ, වත්තල, කුරුණෑගල, චාවකච්චේරි ප්‍රදේශයන් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

මේ දිනයන්හි පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය යටතේ තමන් ජීවත් වන පරිසරය ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථානයන්ගෙන් තොර ස්ථාන බවට පත් කර ගැනීමට පිරිසුදු කර ගැනීම් කිරීම කෙරෙහි මහජනතාවගේ අවධානය යොමු විය යුතු බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසයි.

t

o

p