Life Style

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර Read More

ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබේ. මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව වන්නේ “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු !” යන්නයි. දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් Read More

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සවිබල ගන්වයි

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය මෙරට කලක් Read More

උපාධි දෙන්න ආයතන 26කට වරම්

උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලබයි. ඊට අමතරව, විශ්වවිද්‍යාල පනතේ 25(4) වගන්තිය මඟින් පිළිගෙන ඇති උපාධි පිරිනැමීමේ ආයතන 26 සඳහා ද විදේශීය ශිෂ්‍යයින් Read More

පිළිකා රෝගීන් වෙනුවෙන් නවීන විකිරණ චිකිත්සක උපකරණ

පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව එම ව්‍යාපෘතියේ Read More

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එසේ නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවයි. මෙම හේතුව මත ඉදිරියේදී මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් සංවර්ධනය කරයි

හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව එය ක්‍රියාත්මක කරයි. මෙලෙස Read More

ලෝකයේ බලවත්ම බළලා ගැන දන්නවද

තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වනබලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද? මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට එක්සත් රාජධානි දේශපාලන ඉතිහාසයේ ස්ථාවර චරිතය බළලෙක් කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද ? අගමැති නිල නිවසේ සිටින ලැරී නම් බළලා බ්‍රිතාන්‍යයේ 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් බලා ඉන්නවා කියලා එරට මාධ්‍ය Read More

Miss Teen 2024 තරගාවලිය නියෝජනය කරන ලංකාවේ සුරලි

ඉන්දියාවේ පැවැත්වෙන ‘Miss Teen International 2024 තරගාවලිය’ සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ අද (29) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත් විය. මෙවර එහි කිරුළු දිනාගැනීම ඇයගේ ප්‍රධාන අරමුණය. මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු, රුක්මාල් සේනානායක පවසන්නේ එහි පැමිණෙන තරගකරුවන් සමග උරෙන් Read More

මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්වෙයි

මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්ව තිබේ. වැලිමඩ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසින් මෙම නිෂ්පාදනය සිදු කර ඇත. ඒ සඳහා ඔහු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික සහයෝගය ද ගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්‌යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (27) පැවැති වැඩසටහනකදී ඔහු විසින් Read More

t

o

p