Miss Teen 2024 තරගාවලිය නියෝජනය කරන ලංකාවේ සුරලි

June 29, 2024

ඉන්දියාවේ පැවැත්වෙන ‘Miss Teen International 2024 තරගාවලිය’ සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ අද (29) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත් විය.

මෙවර එහි කිරුළු දිනාගැනීම ඇයගේ ප්‍රධාන අරමුණය. මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු, රුක්මාල් සේනානායක පවසන්නේ එහි පැමිණෙන තරගකරුවන් සමග උරෙන් උර ගැටීමට ඇයට ශක්තිය ඇති බවයි.

‘Miss Teen International 2024 තරගාවලිය’ ජුනි 29 සිට ජූලි 7 වැනිදා දක්වා පැවැත්වේ.

t

o

p