Gallery

රනිල්ගේ සේවය අගයා ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබිමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University) විසින් අද (14) සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි. ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති Read More

ගංගාරාම නවම් පෙරහැර

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 2017.02.10 දින පැවැති නවම් පෙරහැර උත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

චීන නව අවුරුදු සැමැරුම් උළෙල හා සංස්කෘතික ප්‍රසංගය කථානයක ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 වන සංවත්සර සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයෙහි පැවැති චීන නව අවුරුදු සැමරුම් උළෙල සංස්කෘතික ප්‍රසංගය සහ ලන්තෑරුම් ප්‍රදර්ශනයේ සමාරම්භය ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු විය.

69වන ජාතික නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලූ මුවදොර පිටියේදී මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.  ”ජාතික සමගිය” මෙවර ජාතික නිදහස් දින තේමාව විය.  උත්සව භූමියට පැමිණි ගරු ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබූ අතර Read More

“උදා වන සූර්යයා සම්මානය” ලැබූ පලමූ ශ්‍රී ලාංකිකයා

ජපන් රජය විසින් ලොව විශිෂ්ඨතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” (Rising Sun) ගෞරව සම්මානය 2017-01-31 දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි  සුගනුමා  (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත පිරිනැමු ලැබීය. උදා වන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, එය  ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමූ පළමු අවස්ථාව Read More

සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය

ස්වකීය ඉතිහාසයේ සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය සුවිශේෂ ආගමික වැඩසටහන් හා උත්සව මාලාවකින් සියවස් සැමරුමට සැ‍රසේ. එහි සමාරම්භක උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2017-01-16) විද්‍යාලයීය ජෙරමියස් ඩයස් ශාලාවේදී පැවැත්විනි.  එහිදී විශාඛා විදුහල් සියවස් සැමරුම වෙනුවෙන් ‍තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සියවස් සැමරුම් මුද්දරය සහ මුල් දින කවරය උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ කථානායක කරු ජයසූරිය Read More

අර්ජුන මහේන්ද්‍රන් යළි ලංකාවට

හිටපු මහ බැoකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (03) සවස සිoගප්පූරුවේ සිට ආපසු පැමිණියේය. තමන් පිළිඹදව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇතත නීතිපතිවරයාගේ  තීරණ‍ය ලැබෙනා තෙක් සිටින බව ඔහු පැවසීය. තමන් වරදක් කර නොමැති නිසා පලායාමට අවශ්‍ය නොවන බවත මිතුරෙකුගේ මගුල් ගෙදරකට සහබාගී වීමට තමන් පිටත්ව ගිය බව  ඔහු වැඩි දුරටත්  පැවසීය

මියයන්න දින කිහිපයකට කලින් කවීෂා කළ අවසාන පිංකම

මේ දිනවල මෙරට සමාජ ජාල ඇතුළු අන්තර්ජාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන්නේ මීට දින කිහිපයකට පෙර රිය අනතුරක් හේතුකොට ගෙන දිවියෙන් සමුගත් කවීෂා අයේෂානී රංගන ශිල්පිණිය පිළිබඳව යි. ඇගේ වියෝවත් සමග මෙම රිය අනතුර ගැනත්  ඇය පිළිබඳවත් විවිධාකාරයේ දෑ සමාජ ජාල තුළ පළවන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් කවීෂා ආගම දහමට ලැදි සංවේදී සිතක් තිබූ තරුණියක් බවට Read More

සමන් කියයි

2016.10.10 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචිත “සමන්  කියයි” පොත එළිදැක්වීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.

t

o

p