Gallery

රනිල් ඡන්ම දිනය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමග සමරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය නිමිති කරගෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සදහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහන ඊයේ (24) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මහා සංඝරත්නය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, Read More

වෙරළාරක්‍ෂක බලකායේ මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය නාවික හමුදාවට 

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ (මාර්තු 16) ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක පාසල පිහිටි බලපිටිය, මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය. තවද, මෙම තරඟාවලිය සඳහා ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළුව දිවයින පුරා පිහිණුම් ක්‍රීඩා Read More

අගමැති පාර්ලිමේන්තුව නැරඹිමට පැමිණි ශිෂ්‍යාවන් මුණ ගැසි සැප දුක් විමසයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි කටුගස්තොට, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන් පිරිසකට පසුගිය සිකුරාදා (08) පාර්ලිමේන්තු පරිශ්‍ර‍යේදී හදිසියේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණි. පාර්ලිමේන්තු නැරඹීමට පැමිණි මෙම ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ පාසලේ ගුරු මහත්ම මහත්මීන් දුටු වික්‍රමසිංහ මහතා ඔවුන් සිටි ස්ථානයට ගොස් ඔවුන් සමග සුහද කතා බහක නියැලී සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.

ලිදුල තලවකැලේ නගරාධිපති එක්සත් ජාතික පක්ෂයට

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලිඳුල තලවකැලේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලු මන්ත්‍රීවරු 10  දෙනෙකු ඊයේ (12)  දින එක්සත් ජාතික පක්ෂයට එකතු විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාද එක් විය. මේ සමගම ලිඳුල තලවකැලේ නගරසභාව එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස පිහිටුවන ලදී

බාලදක්ෂ කර ලේන්සුව කතානායකට පළදයි

සියවස් සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම ඊයේ පස්වරුවේ (12) කථානායක කාර්යාලයේ දී පැවැත්විනි. මෙම අවස්ථාවට සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ ශ්‍රී ලංකා සභාපති නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ නියෝජ්‍ය සභාපති පත්මකුමාර සමරවීර ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණසේකර ,මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න, සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ Read More

නිරෝෂන්ට රුසියාවෙන් සම්මානයක්

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමන් 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කල “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ”  සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙමින් තාරුණ්‍ය වෙනුවෙන් කල සේවාව වෙනුවෙන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමන්ගේ අත්සනින් යුතු Read More

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් අද වැඩ භාර ගනි

  බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් අතර, මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත. මේ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

ගාල්ල වෙරළේ අනවසර ඉදිකිරිම් ඉවතට

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව විසින් ගාල්ල දෙවට ප්‍රෙද්ශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහභාගි වූ අයුරු.   ‘වින්ඩ් සර්ෆින්‘ සදහා ප්‍රසිද්ධ ගාල්ල දෙවට ස්ථානයේ පිරිසිදු වෙරළ තීරයක ආරක්ෂිතව සංචාරකයින් සදහා විනෝදවීමේ අවස්ථාව ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණයි.  නීති විරෝධී 27 ඉදිකිරීම් ඉවත්කර, වෙරළ පිරිසිදු කිරීම මේ යටතේ සිදුවේ.

අබ්දුල් කලාම් ආසියා අභිමානය සම්මානය කතානායක කරු ජයසූරියට

අබ්දුල් කලාම්  කළමණාකරන හා  තාක්ෂණ අධ්‍යන ආයතනයෙන්  කථානායක කරු ජයසුරිය මහතාට   Prid Of Asia (ආසියාවේ අභිමානය)   සම්මානය පිරිනැමෙයි.   ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින්  Prid Of Asia (ආසියාවේ අභිමානය)  සම්මානය අද (2019.03.05)  පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා වෙත Read More

t

o

p