පොරොන්දු කඩ කළ නගරාධිපතිට වැඩ වරදියි

October 12, 2019

සිය නගරාධිපතිවරයා කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ට්‍රක් රියක ගැටගසා මාර්ගයක් ඔස්සේ ඇදගෙන ගිය දකුණු මෙක්සිකෝවේ ගම්වැසියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බරපතල තුවාල සිදුවී නැත.

ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද දෙවැනි ප්‍රහාරය මෙය වේ.

t

o

p