පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

October 12, 2019

ධර්මධර විනයධර උගත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල‍යක් ස්ථාපනය කර බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට මාතෘ භූමිය පත් කරන බව පැවැසූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාලි භාෂාව අභාවයට යන්නට ඉඩ නොදී තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් සන්නද්ධ කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේමහරගම තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේ පැවැති මහා සඟ සමුළුවට එක්වෙමින්ය.

t

o

p