ලංකාවේ ආර්ථිකය බුද්ධිය මත පදනම් වු ආර්ථිකයක් බවට පත්කරන්නට බලාපොරොත්තු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පදනම් ආයතනයේ පැවති විශ්ව විද්‍යාල ආචාර්යය වරුන්ගේ හමුවේදි සදහන් කළේය..
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,
රටටත් ජනතාවටත් ඵලදායි ප්‍රතිඵත්ති මාලාවන් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය වඩා සාර්ථකව සිදු ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් වු මගේ ප්‍රතිඵත්ති ප්‍රකාශය නිර්මාණය කිරීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යය වරුන්, මහාචාර්යයවරුන්, ඒ ඒ ක්ෂේත්‍රයන්වල ප්‍රවීනයින් රැසක් සහභාගි කරගත්තා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකය බුද්ධිය මත පදනම් වු ආර්ථිකයක් බවට පත්කිරීමට.
බුද්ධිය මත පදනම් වු ආර්ථිකයක් ගොඩ නැගිමේ වැඩපිළිවෙල තුළ රටේ සෑම උප දිසාපති කොට්ඨාශයකම තොරතුරු තාක්ෂණය, පරිගනක තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ඉංග්‍රිසි භාෂා හැකියාව ලබා දෙන වැඩපිළිවෙලක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ක්‍රමවේද උපයෝගි කර ගනිමින් මේ රටේ සමස්ත ජනතාවටම ඒ අවස්ථාව උදාකර දිම උදෙසා මම කටයුතු කරනවා. ඒ් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථාන සෑම උපදිසාපති කොට්ඨාසයකම ඇති කරනවා.
රටේ තීන්දු-තීරණ ගැනීමේ ක්‍රමවේදය වඩා විධිමත් කිරීමට කටයුතු කරනවා. අදහසක් සිතට ආ පමණින්, විධිමත් මුල්‍යය විගණනයකින් තොරව, ඒ සිතුවිල්ල ගැන ජනතාවට බොරු බලාපොරොත්තු ලබාදෙන යුගය අපි අවසන් කරනවා.
ප්‍රතිඵත්ති මාලාව තුළ ඇති සෑම ප්‍රතිඵත්තියක්ම තිරසර, ඵලදායි අන්දමින් සිදුකරන්න අපි සැදී පැහැදි ඉන්නවා.
අපේකම, රටේකම, සංස්කෘතිය, සභ්‍යත්වය සුරැකෙන ආකාරයකට, ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට රටේ රාජ්‍යය පාලනය කළ යුතුයි. රට තුළ ක්‍රියාකිරීම සේම, විදේශ රටවල් සමගින් සිදුකරන ආර්ථීක, දේශපාලන, ආරක්ෂක ආදි සෑම සබදතාවයකටම ජාතික අවශ්‍යතාව කේන්ද්‍රගත කරගත් ප්‍රතිඵත්ති නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපේ නව රජය තුළ අපේ මාතෘ භුමියට සාපේක්ෂ වාසිය තිබෙන්නා වු වැඩසටහන්වලට අවතීරණ වෙන්න අප සැදි පැහැදී සිටිනවා.රටට සාපේක්ෂ අවාසි ඇති විට ගිවිසුම් එකගතාවයන් සහමුලින්ම නවත්වන්න අප කටයුතු කරනවා. ජාතික අනන්‍යයතාවය, ජාතික අවශ්‍යතාවය මුදුන්පත් කරගෙන අපගේ ප්‍රතිඵත්තින් සම්පාදනයට අපි බලාපොරෙත්තු වෙනවා. නිදහස් වෙළද ගිවිසුම් වැඩි වැඩියෙන් නිර්මාණය වන විට රටක් දියුණු වෙනවා කියන සුලභ න්‍යායක් තිබෙනවා. විවිධ පිරිස් එලෙස සදහන් කළත්, ඒ අදහස ඒ ලෙසම මා පිළිගන්නේ නැහැ.
විදේශ වෙළෙද ගිවිසුම්, ආරක්ෂක ගිවිසුම් අපිට වැදගත්. නමුත් ඒ හැම ගිවිසුමකින්ම සාපේක්ෂ වාසිය අපට ලැබෙනවා නම් අප එය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. සාපේක්ෂ වාසිය නොමැති නම්, ඒ ගිවිසුම් රටට අහිත කර වෙනවා. මෑත කාලයේ විවිධ නම් වලින් විවිධ ගිවිසුම් පිළිබද බහුලව සාකච්ජා සිදුවුණා. නමුත් එවැනි ගිවිසුම් පිළිබදව, ප්‍රතිඵත්ති පිළිබද තීන්දු තීරණ ගැනීමේදී, ඒ ප්‍රතිඵත්තිවල වාසි අවාසි අපි සොයා බැලිය යුත්තේ රට කේන්ද්‍රගත කරගෙන.
පුද්ගලිකත්වය පසකින් තබලා. පුද්ගලයෙක් මේ ගිවිසුම් අත්සන් කළත්, මෙහි බලපෑම් තිබෙන්නේ අපේ මාතෘ භුමියට. ඒ් නිසා අවබෝධයෙන් මෙය කළ යුතුයි. එවැනි ගිවිසුම් ගැන අධ්‍යනය කිරීමේදි තක්සේරු කිරීමේදී, ඒ ඒ ක්ෂත්‍රයන්හි ප්‍රවීනයින්, විශේෂඥයින් ඒ්කරාශි කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.