ජංගම දුරකථනයෙන් ලොතරැයි ප්‍රතිඵල

October 12, 2019

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි ප්‍රතිඵල ලබාගැනීම සඳහා DLB (Development Lottery Board) DLB Sweep App නමින් අලුත්ම App එකක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඊයේ හඳුන්වා දුන්නේය.

කොළඹ බත්තරමුල්ල Water Age හෝටලයේදී ඊයේ නව App එක හඳුන්වාදීම සිදුවිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියපෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. එච්. ආර්. විමලසිරි, එපික් ටෙක්නොලජීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තරින්ද කල්පගේ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන සම්භාවනීය අමුත්තන් විසින් මෙය එළිදක්වන ලදී. 

මෙම සේවාව නවතම ස්මාර්ට් ජංගම දුරකථන ලක්ෂ 60 ක් සඳහා තිබෙන අතර Android, Apple යන දුරකථනවලින් බාගත කරගත හැකිය. මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම නිල ප්‍රතිඵල සහ තමන්ට හිමි තෑගි මුදල පිළිබඳ තොරතුරු ජනතාවට ලබාගත හැකි බව සේන සූරියපෙරුම මහතා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අවුරුදු 37ක ඉතිහාසය පැහැදිලි කළ ඒ මහතා අප රටේ දුප්පත් අසරණ ජනතාවගේ සෞඛ්‍ය සහ දක්ෂතා දක්වන දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට රජයේ ක්‍රියාත්මක කළ අරමුදල් දෙකකට මුදල් ප්‍රදානය කිරීම තම මණ්ඩලය මඟින් සිදුකරන බව ද සිහිපත් කළේය.

t

o

p