ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් හා පස්කඳු කඩා වැටෙයි

October 12, 2019

මහ වැසි සමග ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණාඇල්ල දක්වා කොටසේ ස්ථාන කීපයකට අද(12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩා වැටී ඇත.

 අවධානම් තත්ත්වයක් තවමත් පවතින බැවින් විමසිලමත් රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද  කරයි.

රාවණා ඇල්ලේ ජලකද විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින්නැයි උපදෙස් දෙයි.

t

o

p