වාලුකාරාමයේ ඉදිකරන ලද ප්‍රතිමා නිරාවරණය කිරීම

September 28, 2019

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු ප්‍රතිමා වහන්සේලා විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පස්වරුවේ එම විහාරස්ථානයේදී සිදු කෙරිණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මෙම බුදු පිළිම වහන්සේලා නිරාවරණය කිරීම සිදු විය.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින්, ආරාධිතයන් ඇතුලු දායක දායිකාවන් රැසක් සහභාගි වී සිටියහ.

t

o

p