සිව්වන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

September 29, 2019

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමටයි.

t

o

p