Sports

තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත. තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

දශකයේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරට ලසිත් මාලිංග

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම් කළ දශකයේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ඇතුලත් කර තිබේ.  2010 වසරෙන් ආරම්භ වූ දශකය තුළ ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම නම් කිරීම සිදුකර ඇති අතර එක්දින කණ්ඩායම් නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනියි. 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා. වසර 10 කට පසු පකිස්ථාව මව්බිමේදී ලැබූ ටෙස්ට් ජයද මෙය වීම විශේෂත්වයක්. කරච්චි හීදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් සියල්ලන් Read More

IPL ඉතිහාසයේ වටිනාම විදෙස් ක්‍රීඩකයා

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. වෙන්දේසියේදී ශ්‍රි ලංකාවේ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත. 

ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නව ලෝක වාර්තාවක් බිහි කිරීමට පකිස්ථානයේ අබිඞ් අලී සමත් විය. ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරඟය වන මෙහිදී ශතකයක් රැස් කරගනිමින්. ඔහු තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී ද ශතකයක් වාර්තා කළා. ඒ අනුව, ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත් තරඟ දෙකේදීම සිය මංගල Read More

ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි. වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය. අපේ මීළග ඉලක්කය Read More

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත. ශ්‍රී Read More

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වසර දෙකක කාලයක් සඳහා පත්වීමට නියමිත බව වාර්තා වේ.  හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වන මිකී ආතර් මිටපෙර දකුණු අප්‍රිකා, ඔස්ට්‍රේලියා සහ පාකිස්ථාන යන කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි.

ක්‍රිකට් ලොක්කන් කෝප් කමිටුව හමුවේ තක්කු මුක්කු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය. එහිදී ආන්දෝලනාත්මක ක්‍රිකට් ඒඩ් (Cricket Aid) වංචාව පිළිබඳ ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරිණි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න, ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා සහ විධායක කමිටු Read More

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතර තරගයෙන් වට 3ට 0ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර Read More

t

o

p