ශ්රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරඟයේදී නව ලෝක වාර්තාවක් බිහි කිරීමට පකිස්ථානයේ අබිඞ් අලී සමත් විය. ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරඟය වන මෙහිදී ශතකයක් රැස් කරගනිමින්.
ඔහු තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී ද ශතකයක් වාර්තා කළා. ඒ අනුව, ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත් තරඟ දෙකේදීම සිය මංගල ශතකය වාර්තා කළ ලොව පළමු ක්රීඩකයා ලෙසයි අබිඞ් අලී අද ලෝක වාර්තාවක් බිහි කළේ.
මීට අමතරව වසර 10 කට පසු පකිස්ථානයේදී ශතකයක් රැස් කළ පළමු ක්රීඩකයා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එක් වුණා. තරඟය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී වසර 19 කට පසු වාර්තා වූ පළමු ශතකය ලෙස ද එය ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්.