එ.ජා.ප නායකත්ව බලතල සම්බන්ධයෙන් කලයුතු සංශෝධන තමා වෙත දැනුම් දෙන්නැයි උපදෙස්

December 16, 2019

එක්සත් ජාතික පක්ෂ නායකත්ව බලතල හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කලයුතු සංශෝධන තමා වෙත දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ ප්‍රධානි තිලක් මාරපන මහතාට දැනුම් දී ඇත.

පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම තිලක් මාරපන මහතා වෙත කර ඇති අතර හැකි ඉක්මනින් අදාළ සංශෝධන තමා වෙත එවන ලෙසද ඒ මහතා උපදෙස් දී තිබේ.

ඉදිරි මහ මැතිවරණයට මුහුණදීමට ශක්තිමත් පක්ෂ නායකත්වයක් අවශ්‍ය බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිලක් මාරපන මහතාට උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන ලෙසයි.

පක්ෂයක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යාමට අවශ්‍ය නායකත්ව සංශෝධන ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිලක් මාරපන මහතාට උපදෙස් දුන් බව මේ ගැන කල විමසීමේදී පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

t

o

p