මැතිවරණය ජය ගන්න පක්ෂනායකයෙකු වීම අත්‍යවශ්‍ය නෑ

December 16, 2019

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතරයි.

මෙම සාකච්ඡාවෙන් පසු හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි පසුපෙළ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇත්තේ. අද පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. විසඳුමක් නැති වුවහොත් ගන්නා තීරණ ගැන ප්‍රකාශ කිරීමට මේ අවස්ථාව කල් වැඩි බවද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර ප‍්‍රකාශ කළේ පවතින අර්බුදයට සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් ළඟදීම වෙනත් විකල්පයක් පිළිබඳ අවධානය යොමු කරන බවයි. 

t

o

p