ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි. වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය.
අපේ මීළග ඉලක්කය ආසියානු ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමටයි. තරගාවලියට එක්වන ආසියාවේ අනෙක් රටවල් සමඟ සාකච්ඡා කර ඒ ගැන තීරණයකට එනවා. ඒ මගේ අනෙක් සැලසුම සියළුම ටෙස්ට් රටවල් සමග වෙන වෙනම පාකිස්තානය තරග කිරීම. ඒ ද්වි පාර්ශවික ක්‍රිකට් තරගාවලි සියල්ලම පාකිස්තානයේ පැවැත්වීම අපේක්ෂාවයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළඟ තරගාවලිය බංග්ලාදේය සමඟ ජනවාරි මාසයේ පැවැත්වෙනවා. බංග්ලාදේශ නියෝජිතයන් දැනටමත් ආරක්ෂක තත්ත්වයන් ගැන තක්සේරුවක් ලබා ගැනීමට පාකිස්තානයට පැමිණ තිබෙනවා. ඒ තරගාවලිය අනිවාර්යයෙන් පැවැත්වෙයි
පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉදිරියේදී පැවැත්වෙනවා. ඒ තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 235 ක් අයැදුම් කොට තිබෙනවා. එයින් තෝරා ගන්නේ 30 ක් හෝ 35 ක් පමණයි. 200 කට අධික ක්‍රීඩකයන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව යන රටවල්වලින් ඇයැදුම්කොට තිබෙනවා.
අප දන්නවා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉදිරියේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අපෙන් ඉල්ලීමක් කළොත් අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයන්ව ඒ තරගාවලියට එක් කරනවා