උත්සව සමයේ Huawei වෙතින් ඇදහිය නොහැකි වට්ටම්

December 12, 2019

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පදකයා වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත P30 Lite, Y9 Prime 2019 සහ Y5 2019 ස්මාර්ට්ෆෝන් විශේෂ මිලකට හදුන්වා දෙයි.

මෑතකදී ශ්‍රී ලාංකීය වෙළඳපලට හඳුන්වා දුන් P30 Lite එහි වූ බහු කාර්ය ක්‍රියා කිරීමේ හැකියාවන්, වැඩිදියුණු කල ක්‍රියාකාරීත්වය සහ ඉහළ මට්ටමේ කැමරා ගුණත්වය නිසා ලොව පුරා පරිශීලකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත. පහසු නිමාවකින් සහ Peacock blue, midnight black සහ  pearl white යන ආකර්ෂණීය වර්ණ ත්‍රිත්වයකින් පාරිභෝගිකයා වෙතට එන P30 Lite හි  FullView Display සහ DewDrop Design පරිශීලකයින්ට ඉතා සුමට අත්දැකීමක් ද ළඟා කර දේ.  P30 Lite හි super smart තිරය අඟල්  6.15 ක පුළුල් දර්ශන තලයකින් සමන්විත නිසා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ. 

24 MP Wide Angle Lens සහ 8 MP Ultra Wide Angle Lens  සහ 2MPbokeh Lens ඇතුළත් Triple Rear කැමරා, P30 Lite සඳහා එක් කර ඇත. මේ තුලින් ඉතා අලංකාර ඡයාරුප ලබා ගැනීමේ පහසුකම භාවිත කරන්නන්ට හිමි වේ. P30 Lite සඳහා භාවිතා කර ඇති අදහාගත නොහැකි Hybrid Zoom තාක්ෂණය ඔස්සේ තුන් ගුණයක් දක්වා ජායාරූප ලං කර බැලීමේ හැකියාව හිමි වන අතර ඉතා අඩු ආලෝක තත්වයකදී වූවද ඉතා පැහැදිළි ඡායාරූප ලබා ගැනීම සඳහා Hand-Held Super Night mode උපකාරී වේ.

තවද  කිසිදු අවකාශය හා සම්බන්ධ බාධාවකින් තොරව කටයුතු සිදු කිරීම සඳහා  P30 Lite හි 6GB RAM  සහ 128GB ROM ක්‍රියා කරයි. මම අද්විතීය විශේෂාංග රැසක් සමඟින් එන  P30 Lite හි නවතම මිල වනුයේ  රුපියල්  44,999 ක් පමණි.

විශාල තිරයක්, පුළුල් මෙමරියක්, වැඩි දියුණු කල කැමරාවක් සහිතව එන Huawei Y9 Prime 2019  ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රියම ජංගම දුරකථන මාදිලියන් ලෙස හැඳින්විය හැක. අතිශය පුර්ණ දර්ශන තලයකින් සහ 4GB  RAM සහ 128GB පුළුල් මෙමරි පරාසයකින් සමන්විත Y9 Prime පරිශීලක සිත් ඇඳ බැඳ ගන්නා වර්ණ පරාසයකින් වෙළඳපල තුළදි මිලදී ගත හැක. 

අධි තාක්ෂණික AI පහසුකම් යොදා ගනිමින් 16MP ලෙන්ස් AUTO POP UP සෙල්ෆි කැමරාව සහ පිටුපස ත්‍රිත්ව කැමරාව උසස් ගුණාත්මක බවකින් යුත් ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දේ. හඳුන්වාදීමේ මිල රුපියල්  41,999/-, වූ Y9 Prime මේ උත්සව සමයේ රුපියල් 39,999/-.කට මිලදී ගැනීමේ සුවිශේෂී හැකියාව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හිමි වේ.

දෛනික ජීවිතයේ තාක්ෂණික කටයුතු වඩාත් පහසු කරමින් Y5 2019, 32GB පුළුල් මෙමරියකින් සහ GB 512ක් දක්වා පුළුල් කල හැකි  microSD card slot යුක්තව පැමිණේ.  කිසිඳු අවහිරතාවයකින් තොරව වැඩි වෙලාවක් දුරකථනය භාවිත කිරීමට හැකි වන පරිදි 3,020mAh බැටරියක් Y5 2019 දුරකථනයට එක් කර ඇති අතර එහි  අඟල් 5.71-inch සහ  19:9 DewDrop තිරය ජංගම දුරකථන ක්‍රීඩා කිරීම්, වීඩියෝ නැරඹීම් අත්දැකීම් වඩාත් පුළුල් කර ඇත. මෙම නවතම විශේෂාංග රැසක් සමඟින් එන Y5 2019 රුපියල් 18,499/- වැනි ඉතා අඩු  මුදලකට මෙම උත්සව සමයේ මිලදී ගත හැක.

මෙම සුවිශේෂී දීමනාවන් පිළිබඳ අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා පවසා සිටියේ ගෙවුනු 2019 වසර තුලදී ශ්‍රී ලාංකීය වෙළඳපල ඉල්ලක්ක කරගනිමින් සුවිශේෂී විශේෂාංගයන් රැසකින් සමන්විත ස්මාර්ට්  ජංගම දුරකථන රැසක් ඉදිරිපත් කිරීමට හැකි වූ බවයි.

දිනෙන් දින වර්ධනය වන සිය පාරිභෝගික පිරිසගේ පහසුව වෙනුවෙන් ගෝලීය වෙනස්වීම් හා අනුකුල වෙමින් නව නිෂ්පාදන රැසක් ඉදිරියේදී වෙළඳපලට ඉදිරිපත් කිරීමට සුදානම් බවත් හෙතෙම කීහ.

තවද මෙම උත්සව සමයේ Huawei විසින් පිරිනමන සුවිශේෂී දීමනා හරහා උසස් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගැනීමට සියලු දෙනාටම ආරාධනා කර සිටින බවත් හෙතෙම වැඩි දුරටත් කීහ.

t

o

p