සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

December 24, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා.
වසර 10 කට පසු පකිස්ථාව මව්බිමේදී ලැබූ ටෙස්ට් ජයද මෙය වීම විශේෂත්වයක්.
කරච්චි හීදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් සියල්ලන් දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට ලකුණු 271 ක් රැස් කළා.
දෙවන ඉනිමේදී අගනා පිතිහරඹයක නියැලුනු පකිස්ථානය කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
පකිස්ථාන දෙවන ඉනිමේදී ක්‍රීඩකයන් සිව් දෙනෙකු ශතක රැස් කිරීම විශේෂත්වයක්. ශාන් මසූඩ් ලකුණු 135 යි.
අබිඩ් අලී ලකුනු 174 ක්ද නායක අසාර් අලී ලකුණු 118 ක්ද රැස් කළා.
බාබර් අසාම් නොදැවී ලකුනු 100 යි. ඒ අනුව ශ්‍රී ලංකා පිළට තරගය ජයග්‍රහණය සදහා 2 වන ඉණිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 476 ක්.
එවැනි විශාල ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයන් හතර දෙනෙකු කිසිදු ලකූණක් රැස් කිරීමට පෙර දැවී ගියා.
කුසල් මෙන්ඩිස් / ධනංජයද සිල්වා / ලසිත් ඇඹුල්දෙනිය හා විශ්ව ප්‍රනාන්දු එම ක්‍රීඩකයන් වනවා. දිනේෂ් චන්දිමාල් රැස් කලේ ලකුනු 2 ක් පමණයි.
ශ්‍රී ලංකා පිළේ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ඕෂධ ප්‍රනාන්දු පමණයි.
සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළ ඔහු ලකුණු 102 කට දැවී ගියා.
ශ්‍රී ලංකා පිළට සිය දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවුයේ ලකුණු 212 ක් පමණයි.
අගනා පන්දු යැවීමක නිරත වූ නසීම් අබ්බාස් ෂා කඩුලු 5 ක් දවා ගත්තා.
දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

t

o

p