ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

November 30, 2019

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතර තරගයෙන් වට 3ට 0ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි.

ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර අවසන්  පූර්ව තරගය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

t

o

p