පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට සූදානම් නායකයෙක්

November 30, 2019

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටි අවස්ථාවේදීය.

කථානායක නිල නිවසේ ඊයේ (29) සවස  පැවැති සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ වී ඇත. කරු ජයසුරිය, රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙම හමුවට එක්ව සිටියහ.
මෙම සාකච්ඡා සදහා ආරාධනා කර තිබුත් සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා දෙකකදී සාකච්ඡා මග හැර තිබුනි.

ඊයේ සවස පැවැති සාකච්ඡාවට ඔහු සහභාගි වූ අතර එහිදි මෙම ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා විසින් කර තිබුනි.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සමගිය එකමුතු කම වෙනුවෙන් කල හැකි සෑම කැපකිරීමක්ම කිරීමට සුදානම් බව දැනුම් දී ඇත.

පක්ෂයේ සියලු දෙනා සමගිව ඉදිරියට යා යුතු බව පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පක්ෂටත් රටටත් හිතකට තීන්දුවකට ඉදිරියේදී සාකච්ඡා කොට එලැබෙමු යයිද පවසා තිබේ.

t

o

p