ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

December 10, 2019

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඇති දීර්ඝකාලීන මිත්‍රත්වය හේතුවෙන් එරට ක්‍රීඩාව යළි නැංවීමට ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගයට පාකිස්තාන රජයේ හා එරට වැසියන්ගේ විශාල ප්‍රසාදයක් පළවී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය 11 සිට 15 වැනිදා දක්වා රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19 සිට 23 දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

t

o

p