අර්ධ සුඛෝපභෝගී (Semi Luxury) බස් රථ ඉවත් කිරීම කෙරෙහි අවධානය

December 10, 2019

වැඩි මුදලක් ගෙවමින් මගී ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් ඒ තුළින් ඉටු නොවීම පිළිබඳ අවධානය යොමු කර මෙම පියවර ගන්නා බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සඳහා කඩිනමින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.

අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

t

o

p