Sports

මෙවර LPL තරගාවලියෙන් IPL හා සමාන අත්දැකීමක්

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ අයි.පී.එල්. හා සමාන අත්දැකීමක් මෙවර එල්.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩාලෝලින් වෙත ලබාදීමට උත්සාහ දරන බවයි. සෘණාත්මක භාවයකින් තොරව ක්‍රීඩකයින් දිරිගන්වා මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීමට උපකාරවන ලෙස ලේකම්වරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර තිබෙන්නා වූ පුද්ගලික ප්‍රශ්න රටේ නීතියට අනුව Read More

LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඊයේ (23) සිට ආරම්භකර තිබේ. ඒ, අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත්කරන ලදි. එම නිවේදනයෙන් දක්වා ඇත්තේ www.srilankacricket.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි.

ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ Read More

පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 279ක් ලබා ගැනීමට සමත් විය.ධනංජය ද සිල්වා 82, නිෂාන් මධුෂ්ක 52යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312ක ලබා ගත්තේය. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු Read More

පාකිස්තානය ලකුණු 149ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය අදයි. පලමු ඉනිම සදහා ශ්‍රී ලංකාව කණ්ඩායම ලකුණු 312ක් රැස් කරන ලදි.පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 461ක් ලබා ගන්නා ලදි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාව දෙවන ඉනිම සදහා 3වන දින Read More

පකිස්තානයට ඵරෙහිව ධනංජයගෙන් විශිෂ්ඨ ඉනිමක්

සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (16) ආරම්භ විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර, මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 57කි. ඉන් තරග 21ක් පකිස්ථානය ජයගෙන ඇති අතර තරග 17ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. තරග 19ක් ජය පරාජයෙන් Read More

ආසියානු සටන් කලා ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සටන් කලා ශූරතා – 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම ඊයේ (14) දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 09 දින සිට 14 දින දක්වා තායිලන්තයේ පතායා Read More

2023 ලෝක කුසලාන කාලසටහන යාවත්කාලීන වෙයි

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව එම තරගාවලියේ කාලසටහන යාවත්කාලීන කර තිබෙනවා.  ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක කුසලාන සටන ආරම්භ කිරීමට නියමිතයි.  ඒ අනුව එම කාලසටහන පහතින්,

ජූනි මස හොඳම ක්‍රීඩකයා සම්මානය වනිදුට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් ද මේ සඳහා නිර්දේශ වී තිබු අතර හසරංග අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා Read More

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන්තොටුපොළින් පැමිණි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී එම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතය.

t

o

p