ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

July 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය.

33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි.

2014 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ තිරිමාන්න ප්‍රබල සාමාජිකයෙකි.

ඒ අතර 2014 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනු කණ්ඩායමේද තිරිමාන්න ප්‍රබල සමාජිකයෙකි.

t

o

p