ජනපති රනිල් සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

July 23, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු සඳහන් කළේ, ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

t

o

p