පකිස්තානයට ඵරෙහිව ධනංජයගෙන් විශිෂ්ඨ ඉනිමක්

July 17, 2023

සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (16) ආරම්භ විය.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර, මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 57කි.

ඉන් තරග 21ක් පකිස්ථානය ජයගෙන ඇති අතර තරග 17ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් විය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා රැස්කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ිඉනිම සදහා සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 312ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් සහ සදිර සමරවික්‍රම ලකුණු 36ක් රැස්කරන ලදි.

කෙසේවෙතත් දැවී ගිය සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 30 සීමාව පසුකර යාමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

t

o

p