මෙවර LPL තරගාවලියෙන් IPL හා සමාන අත්දැකීමක්

July 29, 2023

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ අයි.පී.එල්. හා සමාන අත්දැකීමක් මෙවර එල්.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩාලෝලින් වෙත ලබාදීමට උත්සාහ දරන බවයි.

සෘණාත්මක භාවයකින් තොරව ක්‍රීඩකයින් දිරිගන්වා මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීමට උපකාරවන ලෙස ලේකම්වරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර තිබෙන්නා වූ පුද්ගලික ප්‍රශ්න රටේ නීතියට අනුව විසදාගත හැකි බව සදහන් කළ ඔහු ,එම ගැටලුව ජාත්‍යන්තරයට ගෙන යාමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටි.

එවැනි තත්ත්වයක් උදා වුවහොත් අපහාසයට ලක් වන්නේ ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතන බවද ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා මෙහීදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

t

o

p