පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

July 10, 2023

ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළින් පැමිණි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී එම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතය.

t

o

p